අපේ රට ආසියාවේ බලවත් රාජ්‍යයක් හැටියට ඉදිරියට යෑමට නම් සියලුම දේශපාලන පක්ෂ සහ පක්ෂ නායකයන් එකතු විය යුතු බවත් මේ වන විට එය සිදුවෙමින් පවතින බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
ගාල්ල, උළුවිටිකේ ප්‍රදේශයේදී පෙරේදා (27) පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමකදී ඒ මහතා මේ බව කීවේය. එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
“රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයට භාජන කරන්න ප්‍රථම දේශපාලන පක්ෂ රැසක් සමඟ සාකච්ඡා කරමින් සිටියා. එතුමා තම සෞඛ්‍ය තත්ත්වය යහපත් වනතුරු ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කරමින් ඉදිරියට යමින් තිබෙනවා. මේ සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතුයි. ශ්‍රී ලංකාවට හොඳ අනාගතයක් අවශ්‍යයි. ශ්‍රී ලංකාවට යා හැකි උපරිම දුර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගිහින් තිබෙනවා. මෙතැනින් එහාට ආසියාවේ බලවත් රාජ්‍යයක් හැටියට ඉදිරියට යන්න නම් සියලුම දේශපාලන පක්ෂ එක්ව ක්‍රියා කළ යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ නායකතුමාත් අනෙක් සියලුම පක්ෂ නායකයනුත් මේ වෙලාවේ පැහැදිලිවම එකතු වෙනවා.
ඩෙංගු මර්දනය කරන්න රජයට නොහැකි වී තිබෙනවා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ නායකතුමා බෝඩ්කාරයන්ට රට භාර දෙන්න එපා කිව්වේ. මොනව කරන්න ද මහජනයා භාර දුන්නා. ඉතින් මදුරුවෙක්වත් පාලනය කරගන්න බැරි තත්ත්වයට රට පත්වෙලා තියෙනවා.
මුළු රටටම අස්වැසුම ලබාදෙන්න ඕන අවස්ථාවක් උදාවෙලා තියෙන්නේ. කිසිම කෙනකුට හුස්ම ගන්න බැරිව හිරවෙලා තිබෙන අවස්ථාවක්. ලෝක වෙෙළඳපොළේ තෙල් මිල අඩු වුණාම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කාලේ මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. ලෝකයේ තෙල් මිල වැඩි වෙන විට වැඩි වෙන්නත් අඩුවන විට අඩු වෙන්නත් ලෝකයේ තෙල් මිල වැඩිවෙලා තිබෙන අවස්ථාවේ වැඩි කරන්නත් අඩු අවස්ථාවේ අඩු කරන්නත් පුළුවන්. මේක මේ ළමයින්ට තේරුණේ නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එය ශ්‍රී ලාංකික මහජනතාව තේරුම්ගත යුතුව තිබෙනවා. රනිල් භාරගත්ත වැඩසටහන අනුව නම් 2025 දෙසැම්බර් 31 රනිල් වික්‍රමසිංහ මහතා නම් රට පාලනය කළානම් ඩොලර් බිලියන 8.5 ඉලක්ක සම්පූර්ණ කර ගන්නවා. මේ අවුරුද්ද අවසන් වන විට රට පාලනය කළා නම් ඩොලර් බිලියන 10.5ක ඉලක්කය සම්පූර්ණ කරනවා. ඒ සඳහා එතුමා ආර්ථික සංවර්ධන පනත ගෙනාවා. ජාත්‍යන්තර වෙෙළඳාම කරන අයුරු එහි සඳහන් වෙනවා.