රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත පදනම්ව, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හාරසියයක් පමණ පටවා තිබුණු තවත් ලොරියක් තංගල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව, දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.
මීට පෙර සොයා ගත් ලොරි රථයේ තිබී ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වර පහක් සොයා ගනු ලැබූ අතර, මෙම ලොරි රථය තුළද අවි ආයුධ සගවා තිබිය හැකි බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.