නඩු වැඩ ඉක්මන් කරන්න අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කරයි

කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කළ බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු අද (13) සිට ක්‍රියාත්මකය.

2006 අංක 54 දරන පළාත් මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ 58 වගන්තිය ප්‍රකාරව සිවිල් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද නව අධිකරණය සඳහා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරු විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම් පෙරුම සහ මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහත්වරුන් පත් කර තිබේ.

අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අල්ලස් නඩු, කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහාද අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ උපදෙස්

පරිදි වෙනම අධිකරණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *