වටිනාකම තහවුරු කළ නොහැකි දුර්ලභ නිල් මැණිකක් හමු වෙයි

පිරමීඩ හැඩයෙන් යුත් දුර්ලභ ගණයේ කපා ඔපදමා නොමැති නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට හමුවී තිබේ.

කෙසේවෙතත් මෙහි වටිනාකම තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වේ.

මෙම මැණිකේ බර කැරට් 17.42ක් වන අතර එය බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් හමු වී ඇත. 

එසේම මෙම මැණික් ගලට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරනලද සහතිකයද හිමිව තිබේ.

එහි හිමිකරු පවසා සිටින්නේ, මෙම මැණික ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වී විදෙස් විනිමය උපයා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් බවය.

එසේම මෙහි හිමිකරු වසර 20කට ආසන්න කාලයක් මැණික් ව්‍යාපාරයේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *