චන්ද්‍රිකා නිල නිවසින් ඉවත් වීමට මාස දෙකක් ඉල්ලයි – මාස දෙකට අදාලව කුලිය ගෙවන්න යයි

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, තමාට ලබා දී ඇති නිල නිවසින් ඉවත් වීම සඳහා තවත් මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඇය මෙම කාලය ඉල්ලා ඇත්තේ, මෑතකදී සිදු කරන ලද සැත්කමක් හේතුවෙන් ඇතිව තිබෙන ශාරීරික අපහසුතා සහ ඇය තෝරාගෙන ඇති කොළඹ පිහිටි නව නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් වී නොමැති වීම හේතුවෙනි.

මෙම මාස දෙකක කාලය සඳහා නිල නිවසේ කුලිය ගෙවීමට තමන් සූදානම් බවද හිටපු ජනාධිපතිනිය දැනුම් දී ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *