මිරිහානේ ආයතන දෙකක මිලියන 19ක් ආයෝජනය කළ සිද්ධියට රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙයි

මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතන දෙකක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලය (CCID) හමුවට පැමිණ තිබේ.

මෙම මුදල් ආයෝජනය කිරීමේ ස්වභාවය සහ එහි මූලාශ්‍රයන් පිළිබඳව සිදු කෙරෙන පුළුල් පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *