රුවන්පුර අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ හතරවැනි අදියරේ සංවර්ධන වැඩ නොවැම්බර් අග භාගයේදී ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා දිගින් කිලෝමිටර් 25 දශම 08කි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ හතරවන අදියරේ කුරුණෑගල, දඹුල්ල පාරේ (කුරුණෑගල ගලේවල කොටස) දිගින් කිලෝමීටර් 30කි. එම මාර්ග දෙකේ ඉදිකිරීම්වලට රජයේ අරමුදල් යෙදවීමට නියමිත අතර ලංසු ඇගයීමේ අවසාන අදියරේ සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
එම මාර්ගයන්හි සැලසුම් හා ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් විසින් සිදු කරනු ලබන අතර වසර 3 1/2 ක පමණ කාලයකදී එහි වැඩ නිම කිරීමට නියමිතය.