බීමත් රියදුරන් 35 දෙනෙකුට පොලිසිය රුපියල් 935,000ක දඩ මුදල් ගහයි

කොළඹ කුරුඳුවත්ත පොලිස් වසමේ සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් 35 දෙනෙකුට  රුපියල් 935,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. 

ඒ, කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම බීමත් රියදුරන් අලුත්කඩේ අංක 07අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝග මතයි. 

දෙසැම්බර් 23වනදා සිට පසුගිය 06 වනදා දක්වා සිදු කළ එම මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉන් රියදුරන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් වී නැහැ. 

අධිකරණය විසින් ඔවුන් දෙදෙනාට වරෙන්තු නිකුත් කළ බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනෙකු සතුව රියදුරු බලපත්‍ර නොතිබූ බවද පොලීසිය පැවසුවා. 

සෙසු රියදුරන්ගේ බලපත්‍ර මාසයක කාලයක් අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *