වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය සාංඝික දේපළක් මෙන් රකින බවට මීට පෙර ප්‍රකාශ කළ ද, දැන් සිදු වන වැරදිවල වගකීම අනෙක් පාර්ශ්ව වෙත පටවමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හැකර්වරුන් ලබා ගැනීමෙන් පසු, එම සිදුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ සේවය කළ නිලධාරීන් සම්බන්ධ බවට රජය ප්‍රකාශ කරන බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
වත්මන් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු සාධාරණීකරණය කිරීමට අනුගාමිකයන්ට නොහැකි වන මට්ටමට, එහි මැති ඇමතිවරුන් දිගින් දිගටම වැරදි සිදු කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් අවධාරණය කළේ.