වැඩි මිලට බොරතෙල් මිලදී ගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J. රාජකරුණා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. එහිදී ඔහු අවධාරණය කළේ ඩොලර් 286ක මුදලකට මෙරටට බොරතෙල් මිලදී ගෙන නොමැති බවයි.
මතභේදාත්මක ඩොලර් 286ක මිලට මිලදී ගනු ලැබුවේ බොරතෙල් නොව ඩීසල් බවත්, එම අවස්ථාවේදී එම මිලට හෝ ඩීසල් මිලදී නොගත්තේ නම් රට තුළ දැඩි ඩීසල් හිඟයක් නිර්මාණය වීමට ඉඩ තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.