අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින අසීරු තත්ත්වයට යුක්තිය ඉල්ලා හෙට (ජූනි 8) පැවැත්වීමට නියමිත සත්‍යග්‍රහය සඳහා උපරිමයෙන් දායක වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහජනතාවගෙන් ඉතා සංවේදී ඉල්ලීමක් සිදු කරයි.
සුරේෂ් සලේ මහතාට රඳවා තබාගෙන සිටින ස්ථානය තුළ සාධාරණ ලෙස සැලකීමක් නොලැබෙන බවත්, ඔහු මේ වන විට ආහාර වර්ජනයක නිරත වෙමින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් පවසමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා මෙලෙස ජනතාව අමතයි:
“ඔබට පපුවේ තෙතමනේ බිංදුවක් රැඳී තිබෙනවා නම්, හෙට උදෑසන ඔබ සිටිය යුත්තේ සුරේෂ් සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය පැවැත්වෙන කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට පමණමයි.”