ටෙලිකොම් විකුණගන්න ආණ්ඩුව ඉන්දියාව සහ චීනය හප්පයි

කොටස් ඉල්ලූ සමාගම් අතරින් මුකේෂ් අම්බානිගේ සමාගම සහ චීන සමාගම අවසන් වටයට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ එහි කොටස් හිමිකම ලබා දීම සඳහා වන අවසන් ඇගයීමට සමාගම් දෙකක් තෝරාගෙන ඇති බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව චීන සමාගමක් වන ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් සමාගම සහ ඉන්දීය සමාගමක් වන ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම තෝරාගෙන ඇති අතර මේ සඳහා සුදුසුකම් ප්‍රකාශ කරමින් ටෙලිකොම් මිල දී ගැනීම සඳහා ඉදිරිපත් වූ පෙටිගෝකොමාෂියෝ සමාගම අවසන් ඇගයීමෙන් ඉවත් කොට ඇත.

ජියෝ ප්ලැට්ෆෝම් සමාගම ලෝකයේ බිලියනපතියන් ලැයිස්තුවේ ඉහළින් සිටින ඉන්දීය ව්‍යවසායකයෙකු වන මුකේෂ් අම්බානිගේ ව්‍යාපාර ජාලයට අයත් වන අතර ගෝටියුන් සමාගම චීන ව්‍යාපාර සමාගමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *