නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණයට – රථවාහන පොලිසියට නව නියෝග

දිවයින පුරා සිදුවන මාර්ග අනතුරු සහ ඉන් සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, නොසැලකිලිමත් ලෙස රථවාහන පදවන රියදුරන් සඳහා ස්ථානීය දඩ පත්‍රිකා (On-the-spot fines) නිකුත් කිරීම වෙනුවට ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මාර්ග අනතුරු අවම කරමින් මගී ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම දැඩි තීරණය ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *