මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරී වළ දමා තිබූ බවට සැක කරන ලද උණ්ඩ තොගයක් අතරින් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයට යොදාගත් උණ්ඩවලට සමාන ‘KPI’ ලෙස සටහන් වූ උණ්ඩ තොගයක් සොයාගෙන ඇත.
මිද්දෙණියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී T56 වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා මෙම උණ්ඩ තොගය පොලීසිය විසින් සොයාගෙන තිබේ.