තමාට ලබා දී තිබුණු ආරක්ෂාව ඉවත්කර ඇති බව හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
තමාගේ පමණක් නොව, හිටපු මැති ඇමතිවරු සියළු දෙනාගේම ආරක්ෂාව ඉවත් කර ඇති බව පවසන හිටපු කතානායකරවයා, ඒ සම්බන්ධයෙන් තමාට කිසිදු අමනාපයක් නැති බවද පවසයි.
තරහකරුවන් කවුරුවත් නැති නිසා, ආරක්ෂාව ඉවත්කිරීම ගැටළුවක් නොවන බවද ඔහු දිවයින පුවත්පත සමග පවසා තිබේ.