කෑමවලට වහ දාලා – මන්නාරමේ කපුටන් බල්ලන් බුරුතු පිටින් මිය යයි

මන්නාරමේ නාලවන්අඩි ප්‍රදේශයේ අයාලේ යන සුනඛයින්ට කිසියම් පුද්ගලයෙකු විසින් වස යෙදූ ආහාර ලබා දීම නිසා මේ වන විට සුනඛයින් 18 ක්, කුකුලන් 12 ක් හා කපුටන් 30 ක් පමණ මියගොස් තිබේ.

මන්නාරම නගරයේ වෙළෙඳසැල් හිමියෙේ ප්‍රකාශ කළේ තවත් සුනකයින් 8 දෙනෙකු මරණාසන්නව සිටින බවයි.

අයාලේ යන සුනඛයින්ගේ කරදරය නිසා කිසියම් පුද්ගලයෙකු විසින් වස යෙදූ ආහාර සුනඛයින්ට දී ඇතැයි ද   එම ආහාර කෑ කපුටන් හා කුකුලන්ද මියගොස් ඇතැයි ද වාර්තා වේ. 

මියගිය සුනඛයින්ගේ මළ සිරුරු ප්‍රදවාසීන් විසින් මිහිදන් කොට තිබේ. 

මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වහාම සොයා අත් අඩංගුවට ගන්නා ලෙස මන්නාරමේ වෙළඳ සංගමයේ නියෝජිත  පිරිසක් මන්නාරම පොලීසියෙන් ඉල්ලීමක් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *