මානසික පීඩාවකින් පසු වූ බාල වයස්කාර දැරියකට වෛද්‍ය ප්‍රතිකාර කරන බව පවසමින් බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ, කොළඹට නුදුරු ආශ්‍රමයක පදිංචිව සිටි භික්ෂුවකට කොළඹ මහාධිකරණය විසින් වසර 10ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.
මීට වසර පහකට පෙර සිදුවූ මෙම සිදුවීමේදී, මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි දැරියකට ‘තෙල් සාත්තුවක්’ කරන මුවාවෙන් මෙම අපරාධය සිදු කර තිබෙනවා.