යම් යම් සිද්ධි දාමයන් අළලා මේ වන විට ශාසනයට පහර ගැසීමට පටන්ගෙන ඇති බව ජාතික භික්ෂු එකමුතුව පවසනවා.
ඒ අනුව, රාජ්‍ය නොවන සංවිධාන මේ සඳහා එක්වී විශාල ව්‍යාපෘතියක් සිදු කරන බව පැහැදිලි වන බවයි අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පූජ්‍ය ඇලපත්ගම ඥානරතන හිමියන් පවසා සිටියේ.
මේ සඳහා සමාජ මාධ්‍ය නියාමනය කර, ශාසනයට එල්ල කරන ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එහිදී එම හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.