බෞද්ධ භික්ෂූන් වහන්සේගේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය නීති කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ රාජ්‍ය වෙසක් උත්සවය අමතමින්.
මාතර – තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වූවා.
මෙම රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භය ”දක්ෂිණා ප්‍රභා” නමින් නම් කර ඇති අතර සමාරම්භක උත්සවයට විදෙස් තනාපතිවරුන්ද එක්ව සිටිනවා.