මට හෝ බිරිදට කිසිදු බලාගාරයක් නෑ – විදුලි බල මණ්ඩල සභාපති කියයි

තම බිරිඳට තමන්ට හෝ පවුලේ කිසිවෙක්ට මෙරට කිසිදු බලාගාරයක අයිතියක් නොමැති බවත් අඩුම තරමේ තම නිවසේ වහලේ සූර්ය කෝශ කට්ටලයක් හෝ නොමැති බවත් විදුලි බල මණ්ඩලයේ සභාපති අචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් වෙත එල්ල කරන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බව ද සභාපතිවරයා කියා සිටියේය.ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ අදහස් දක්වමින් හෙතම මේ පිළිබඳ පැවැසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ මේ සියලුම චෝදනාවලට ලබාදිය හැකි සෘජු පිළිතුර වන්නේ එවැනි බලාගාරයක කිසිදු අයිතියක් තමන්ට හෝ තමන්ගේ පවුලේ කෙනෙක්ට නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *