මගී ප්‍රවාහන බස් රථවල සද්දෙට තද නීති එයි – රියදුරු අසුන පිටුපස විදුරුවේ ස්ටිකරයක් අයින් කරයි

මගී ප්‍රවාහන බස් රථවල අලංකාර ආලෝකකරණ සහ අධික ශබ්දය පාලනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පැවැසීය.

මහාමාර්ග අමාත්‍යාංශයේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

බස් රථවලට යොදා ඇති විවිධ ආලෝකකරණ සහ අධික ශබ්දය හේතුවෙන් මගීන්ට ඇතිවන බලපෑම සම්බන්ධව මනෝ වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් කැඳවීමට ද කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

“බස් රථවල තොරන් ගැසීමට ඉඩ නොදෙන බව“ ඇමැතිවරයා පැවැසීය.

එමෙන්ම, රියැදුරු අසුන පිටුපස වීදුරුවේ අලවා තිබෙන ස්ටිකර් ඉවත් කළ යුතු බවද ඔහු පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *