රට තුළ රඳවා ගැනීමට නම් විශේෂඥ වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න – GMOA රජයෙන් ඉල්ලයි

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් හෝ සාධාරණ ප්‍රවාහන දීමනාවක් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුදුසුකම්, වගකීම් සහ සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් කඩිනමින් මෙය සිදු නොකරන්නේ නම් ඔවුන් රට තුළ රඳවා තබාගැනීම තවදුරටත් දැඩි අභියෝගයක් විය හැකි බව ද එම සංගමය අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ට ලබාදෙන පහසුකම් ඔවුන්ට පෞද්ගලිකව ලබාදෙන වරප්‍රසාද නොවන බවත් ඔවුන්ගේ සේවය රටේ සෑම ප්‍රදේශයකම ජනතාවට ලබාගත හැකි ලෙස මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම ජාතික ආයෝජනයක් බවත් එම සංගමයේ ලේකම්, වෛi යූ. කේ. ඩී. වරකාගොඩ මහතා සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් හෝ සාධාරණ ප්‍රවාහන දීමනාවක් ලබාදීම සඳහා 22/99, චක්‍රලේඛයේ අදාළ ප්‍රතිපාදන යොදාගත හැකිව පවතින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *