අභියාචනාධිකරණ විනිසුරුට එරෙහි දෝෂාභියෝගයට ආණ්ඩුවේ මන්ත්‍රීන් 118ක් අත්සන් තබයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව රජය ඉදිරිපත් කිරීමට සූදානම් වන දෝෂාභියෝග යෝජනාව සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 118ක් අත්සන් තබා ඇතැයි මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට එරෙහිව එවැනි දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කරන්න රජය තීරණය කර ඇති බැවින් යැයි කියා සිටි ඒ මහතා ඒ සඳහා අත්සන් ලබා ගෙන අවසන් බවද පැවසුවේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට වාර්තා පළ වී ඇති නිසා ඒ පිළිබඳව සොයාබැලීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව ද හෙතෙම දිනමිණට අදහස් දක්වමින් කියා සිටියේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම යෑමට ඉතිරිව ඇත්තේ තවත් දින ගණනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *