සහල් මාෆියාව පරාජය කරන්න කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සඳහන් කළේ, දැනටමත් එම සහල් මෝල් දිවයිනට ගෙන්වා ඇති බවයි.

එම එක් සහල් මෝලකින් දෛනිකව සහල් කිලෝග්‍රෑම් 5000ක් නිෂ්පාදනයට හැකියාව ලැබේ.

මෙම සහල් මෝල් ක්‍රියාකාරි කාන්තා සංවිධානවලට ලබා දීමට නියමිතය.

ඉන් අනතුරුව ඔවුන් විසින් ඒවායේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන අතර කාන්තා ව්‍යවසායකයින් නගා සිටුවීමට ද මෙමගින් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *