ගුරු වෘත්තිය රටේ ඉහළම වැටුප් තල 10 අතරට ගේන්න ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා – කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ

ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවය

“අපි පළමු අයවැය ලබන මාසයේ ඉදිරිපත් කරනවා ඒ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩීමක් සිදුවෙනවා. ඒ පිළිබඳව සැකයක් තියාගන්න එපා. ඒ වගේම ගොඩක් අය අහනවා තුනෙන්දෙක ගැන, ගුරු වැටුප් විශමතාවය ගැන, ඒකට අවශ්‍ය මූලික සාකච්ඡා අපි දැන් සිදුකරමින් තිබෙනවා. මේ වැටුප් විශමතාවය විසඳන්න ඕනේ. ඒ වගේම ඉහළම වැටුප් තල 10 ඇතුළට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු උපදේශක කියන සේවාන් 05 අන්තර්ගතයි. ඒ නිසා මේ සේවාන් 05 ගුණාත්මක භාවය වැඩිකරන්න ඕනේ කියන සාකච්ඡාව දැන් සිදුකරමින් තියෙනවා. ඒ ඔස්සේ මේ සේවාවන්වල ගුණාත්මක භාවය වැඩිකරන්න කොහොමද කටයුතු කරන්නේ ඒ අනුව කොහොමද වැටුප් තල වල පිහිටුවන්නේ කියන සාකච්ඡාව සිදුකරමින් තිබෙනවා.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *