සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.16ක ආදායමක් වාර්තා කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 කි.

මේ අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හරහා ඩොලර් මිලියන 3,168.6 ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. මෙය වාර්ෂික පදනම මත 53.2% ක වර්ධනයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2024 දෙසැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1 ක් ලෙසින් වාර්තා වී තිබේ. 2023 දෙසැම්බර් මාසයේ දී ඒම අගය සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 269.3 ක් ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *