දුම්රිය ආසන වෙන්කරද්දි ජාතික හැදුනුම්පත අනිවාර්ය කරයි


දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්‌ය බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදී හා දුම්රිය තුළදී ප්‍රවේශපත්‍රය පරීක්ෂා කිරීමේදී ප්‍රවේශ පත්‍රයේ සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරීක්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සුදානම් කර ඇති බවද එහි සඳහන්.

එමෙන්ම හෙට (01) සිට වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශ පත්‍ර හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සදහා අනිවාර්යෙන්ම මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *