මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන හිමිනම පූජ්‍ය අමිතානන්ද හිමියන් බවත්, උන්වහන්සේ ජාතික ජන බලවේගය හෙවත් මාලිමා ආණ්ඩුවට සහය දුන් භික්ෂූන්වහන්සේ නමක් බවත් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ ප්‍රකාශ කළහ.
මාධ්‍ය හමුවක් අමතමින් අක්මීමන දයාරතන හිමියෝ කියා සිටියේ, “මත්ද්‍රවය පිළිබද අත්අඩංගුවට ගත්ත ප්‍රධාන හිමිනම තමයි අමිතානන්ද කියන හිමි නම. උන් වහන්සේ මාලිමා ආණ්ඩුවට සහය දුන්න භික්ෂුන්වහන්සේ නමක්” යනුවෙනි.
“අරගලයේ ඉඳපු, මාලිමාවට කැන්වසින් ගියපු භික්ෂුවක්”
එමෙන්ම “උන්වහන්සේ අරගලයේ ඉඳපු, මාලිමාවට කැන්වසින් ගියපු භික්ෂුවක්” යනුවෙන් ද අක්මීමන දයාරතන හිමියෝ සඳහන් කළහ.