මහනුවර ජාතික රෝහලට විශාල අඩුවක්ව පැවති අධි තාක්‍ෂණ ඩිජිටල් රෝගී ප්‍රතිකාර යන්ත්‍ර 2 ක් එම රෝහලේ ස්ථාපනය කෙරුණා ඒ, රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මූලිකත්වයෙන්.
රුපියල් මිලියන 200 ක වටිනාකමකින් යුත් එම යන්ත්‍රය මගින් වකුගඩු හා මුත්‍රාශ ආශ්‍රිත රෝගී තත්වයන් නිර්ණය කෙරෙන අතර මුත්‍රාශ ගල් ඉවත් කිරීම නවීන තාක්‍ෂණයට අනුව පහසුවෙන් කළ හැකි වනවා. එමෙන්ම වසර 3 කට අධික කාලයක් අක්‍රීයව තිබූ DSA යන්ත්‍රය වෙනුවට නවීන ඩිජිටල් තාක්‍ෂණයෙන් යුත් රුපියල් මිලියන 400 ක් වන නව යන්ත්‍රයක් ද ස්ථාපනය කෙරුණා.