“මාලිමා ආණ්ඩුව බලයට පත් වීමට පෙර මෙවැනි සිද්ධියක් අපට වාර්තා වෙන්නේ නෑ” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
මෑතකදී අනාවරණය වූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“බහුපාර්ශ්වික ණය හැර අනෙකුත් සියලු ණය ගෙවීම් නතර කර ඇති විට ආණ්ඩුව විසින් ඕස්ට්‍රේලියාවට විතරක් ණය ගෙව්වේ ඇයි?” යනුවෙන් ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේය.
මුදල් මාරු කර යැවූ ගිණුම සම්බන්ධයෙන් සැක පළ කළ ඔහු, “ඒ නිසා මාරු කර යැවූ ගිණුම පැලවත්තේ ගිණුමක්ද කියන සාධාරණ සැකය තියනවා” යනුවෙන් කීය.
“මෙතරම් බරපතල වංචාවක් විපක්ෂය විසින් හොයලා කියනකම් ආණ්ඩුව සඟවාගෙන හිටියේ ඇයි? හොර හිතක් තිබ්බ හින්දනේ මේක මෙච්චර කල් සඟවාගෙන හිටියේ” යනුවෙන් ඔහු ආණ්ඩුවට චෝදනා කළේය.
පාර්ලිමේන්තුවෙන් මෙම වංචාව සඟවාගෙන සිටීම නිසා “අනුර ජනාධිපතිතුමා මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස් වෙන්න කවදාද” යනුවෙන් ගම්මන්පිල මහතා වැඩිදුරටත් විමසා සිටියේය.