මේ වැරැද්ද කළේ අපි නෙවෙයි. 2000න් පස්සේ ඉපදිච්ච තරුණ පිරිස තමයි – චාමර සම්පත් කියයි

රටේ පවතින වත්මන් දේශපාලන පරිවර්තනය සහ ඉන් නිර්මාණය වී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කර තිබේ .

පසුගිය මැතිවරණ සහ දේශපාලන තීන්දු තීරණ හරහා සිදු වූ බව කියන වැරැද්ද සම්බන්ධයෙන් ඔහු සෘජුවම රටේ තරුණ පරපුර වෙත ඇඟිල්ල දිගු කරයි

වර්ෂ 2000 න් පසුව උපත ලැබූ, මෙරට නව පරපුරේ තරුණ තරුණියන් විසින් මෙම දේශපාලන වැරැද්ද සිදු කර ඇති බව ඔහු පෙන්වා දෙයි

කෙසේ වෙතත්, තමන් අතින් සිදු වූ එම දේශපාලන ඡන්ද තීන්දුව හෝ වැරැද්ද නැවත වතාවක් නිවැරදි කරගැනීම සඳහා එම තරුණ පිරිස්ම මේ වන විට සූදානමකින් පසුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *