අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු වඩාත් විධිමත් කරමින් දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 23ක්…
Category: Local News
ආසියානු බැංකුවෙන් අමතර ඩොලර් මිලියන 200ක් ලංකාවට ලබාදීමට තීරණය කරයි
ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ලබාදෙන ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් යටතේ, වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයේ සංවර්ධනය…
ලෝකු ශූර නවසීලන්තය පරාජය කරමින් නිලක්ෂිකාගේ සටන්කාමී ඉනිම ශ්‍රි ලංකාවට ජය ගෙනෙයි
2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක…
සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි – ඇමති නලින්ද කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කළ…
කාලගුණික වෙනස්කම් මුලින්ම කියන සජිත් රටට සම්පතක් – ඇමති නලින්ද ජයතිස්ස
ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ හැකි විපක්ෂ නායකවරයෙකු ශ්‍රී ලංකාව තුළ සිටීම රටට…
ශානි අබේසේකර තමා කෙරෙහි ද්වේෂයෙන් ක්‍රියා කළ හැකියි – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකරන විමර්ශනයට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. චැනල් ෆෝ වාර්තාවෙන් ඇරඹුණු විමර්ශනය පෙත්සමේ සඳහන් වන ආකාරයට, මෙම විමර්ශනයට පදනම් වී ඇත්තේ 2024 ඔක්තෝබර් 11 වන දින සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රන්මුනි ජූඩ් වර්ණන් සිල්වා පියතුමා විසින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ කරුණු පදනම් කරගෙන සිදුකළ පැමිණිල්ලකි. CIDය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ, පාස්කු ප්‍රහාරය සහ ඊට පෙර හා පසු සිදුවීම් “ප්‍රබල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්” බවට අතිශය සංවේදී කරුණු අනාවරණය වී ඇති බවයි. CIDය අධිකරණයට දැක්වූ කරුණු CID විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත්තේ: මෙම පිරිස විමර්ශන මඟහරිමින් විදේශගත වීමේ අවදානමක් ඇති බව පවසමින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය සහ ආගමන විගමන පනත යටතේ ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස CIDය ඉල්ලා තිබූ අතර, ඒ අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත. ගෝඨාභයගේ පෙත්සමේ ඉල්ලීම් මෙම පසුබිම මත ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, CID අධ්‍යක්ෂ ශානි අබේසේකර, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත. පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ: “මම සම්බන්ධ නෑ, ශානි අබේසේකර වෛරයෙන් වැඩ කරනවා” පෙත්සම්කරු අවධාරණය කරන්නේ තමන් කිසිදු ආකාරයකින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවත්, ඕනෑම අවස්ථාවක ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට සූදානම් බවත්ය. විදේශ ගමන් තහනම ඉවත් කළද අධිකරණයට දැනුම් දීමකින් තොරව රටින් පිට නොවන බවට ඔහු ප්‍රතිඥාවක් ද ලබා දී ඇත. තවද, CID අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන් කෙරෙහි වෛරයෙන් සහ ද්වේෂයෙන් කටයුතු කරන බවට චෝදනා කර ඇත. තමන් ජනාධිපතිව සිටියදී 2019දී ඔහුව ධුරයෙන් ඉවත් කළ බවත්, 2020 ජූලි 31 වන දින බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවත්, දේශපාලන පළිගැනීම් කොමිසමෙන්ද නිර්දේශ ලබා දී තිබූ බවත් පෙත්සමේ සඳහන් වේ. එබැවින් ඔහු යටතේ අපක්ෂපාතී විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ තර්ක කරයි. අවසන් වශයෙන්, අසාද් මවුලානාගේ 2023 සැප්තැම්බර් චැනල් ෆෝ ප්‍රකාශය හැර තමන්ට එරෙහිව වෙනත් සාක්ෂියක් නොමැති බවත්, FBI නිලධාරී ක්‍රිස්ටෝපර් ලෑන්ඩ්බර්ග් පවා නැවත විමර්ශනයක් අවශ්‍ය නැති බව දන්වා ඇති බවත් පවසමින්, තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය නීතිවිරෝධී සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙත්සමෙන් ඉල්ලා ඇත.
අපි සලේට කියල වෙනම හිරකූඩුවක් හදලා නැහැ. අනිත් අය හිටපු ඒකේම තමයි ඔහුත් හිටියේ – ඇමති නලින්ද ජයතිස්ස
රක්ෂිත බන්ධනාගාරගතව සිටි දේශබන්දු තෙන්නකෝන් හෙවත් “සලේ” සම්බන්ධයෙන් පළවන ඇතැම් ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, “අපි සාලේට කියලා වෙනම හිරකූඩුවක් හදලා නෑ. අනිත්…
අලුත් වාහනවලින් මෙරට විදුලි වාහන ලියාපදිංචිය 91%ක් දක්වා වේගයෙන් ඉහළට යයි
මෙරට මෝටර් රථ වෙළෙඳපොළ තුළ විදුලි වාහන සඳහා පවතින ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති…
එල්-නිනෝ ගැන ජාත්‍යන්තරයටත් කලින් කිව්වේ මමයි – සජිත් ප්‍රේමදාස
“එල්-නිනෝ කාලගුණ තත්ත්වය ගැන ජාත්‍යන්තරයටත් කලින් මම මේ රටේ පාර්ලිමේන්තුවේදී අනතුරු ඇඟෙව්වා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙට්‍රෝ බස් කියන්නේ නාකි ආච්චි කෙනෙක්ට හොඳ ෆේෂල් එකක් දාලා තරුණ පෙනුමක් ගත්තා වගේ වැඩක් – බස් ගැමුණු
රජය විසින් හඳුන්වා දුන් නව ‘මෙට්‍රෝ බස්’ (Metro Bus) සේවාව සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ…
පල්ලෙගම හේමරතන හිමි DNA පරීක්ෂණයකට කොළඹ රස පරීක්ෂක වෙත යොමු කරයි
බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු…