Category: Local News
මාව ජනපති කළේ මගේ පවුල් නෙවෙයි. මේ රටේ වැඩකරන දුක් විඳින ජනතාව – ජනපති අනුර මැයි රැලියේදි කියයි
“මාව ජනපති කළේ මගේ පවුල නෙවෙයි. මේ රටේ වැඩකරන, දුක් විඳින ජනතාව” යනුවෙන් ජනාධිපති අනුර කුමාර…
වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මිනිත්තුවකටත් වඩා අඩු කාලයක දී සිසේරියන් සැත්කමක් සිදු කර මවකගේත් දරුවකුගේ ජීවිතය බේරා ගනියි
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා විසින් මිනිත්තුවකටත් අඩු කාලයකදී සිදුකළ හදිසි සිසේරියන් සැත්කමක් මගින් මවකගේ සහ නොමේරූ බිළිඳෙකුගේ ජීවිත…
දිට්වාවලට කෝටි පන්දාහක් වෙන් කළා – ණයට නෙවෙයි, අච්චු ගහල නෙවෙයි – ජනතාවගේ සල්ලි ජනතාවට දෙන හැටි ජනපති අනුර මැයි රැළියේදී කියයි
දිට්වා දීමනාව සඳහා රුපියල් කෝටි පන්දාහක් වෙන් කර ඇති බවත්, ඒ සඳහා ණයට ගත්තේ හෝ මුදල් අච්චු…
දිට්වා වැනි ස්වභාවික ව්‍යසනවලදී මුහුණ දෙමින්, ආර්ථිකය ශක්තිමත් කිරීමට උරදුන් වැඩකරන ජනතාවට ජාතියේ කෘතවේදීත්වය – ජනපති අනුර
ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස…
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ජනගහනය 184,800 දක්වා වේගයෙන් ඉහළට යයි
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් ජනගහනය 2025 මැද භාගය වන විට 184,800ක් දක්වා වර්ධනය වී ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනාවරණය කරයි. 2024 ජූනි මාසයේ 172,800ක් සහ 2023 ජූනි මාසයේ 158,300ක් ලෙස වාර්තා වූ සංඛ්‍යාවන්ට සාපේක්ෂව මෙය කැපී පෙනෙන වර්ධනයකි. කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ සංක්‍රමණ ප්‍රවණතාව තවමත් අඛණ්ඩව පවතින බව මෙමගින් පෙනී යයි. Top 10 අතර ශ්‍රී ලංකාව මෙම වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ විදේශයන්හි උපන් ජනගහන අතර 10 වන ස්ථානය දක්වා පැමිණ තිබේ. ශ්‍රී ලංකාව දැන් මැලේසියාවේ උපන් පදිංචිකරුවන්ට වඩා ඉදිරියෙන් සිටින අතර තවත් සංක්‍රමණික ප්‍රජාවන් කිහිපයකටම වඩා ඉදිරියෙන් සිටී දශකයක දී 74,000ක වැඩිවීමක් ගත වූ දශකය තුළ ශ්‍රී ලාංකික ජනගහනය සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී ඇත. 2013 දී 110,000ක් පමණ වූ ප්‍රජාව 2025 දී 185,000කට ආසන්න වී තිබේ. ඕස්ට්‍රේලියාවේ මුළු සංක්‍රමණික ජනගහනයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිශතය ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. නවතම ඇස්තමේන්තු අනුව, ඕස්ට්‍රේලියාවේ විදේශයන්හි උපන් විශාලතම කණ්ඩායම ඉන්දියාවේ උපන් පදිංචිකරුවන් වන අතර, එංගලන්තයේ උපන් අය දෙවන ස්ථානයේ සිටී. මෙම සංඛ්‍යා ලේඛන පදනම් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද උපන් රට අනුව ජනගහන දත්ත මතය.
හදන්න බැරි ක්‍රිකට් ඉරාන් හැදුවොත් ඒ ක්‍රෙඩිට් එක සජබයට යනවා – චරිත් අබේසිංහ
කඩාවැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට මාලිමා ආණ්ඩුවට දක්ෂයන් නැති නිසා සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරයෙකු යොදාගත් බව සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අබේසිංහ මහතා, “කඩාවැටුණු ක්‍රිකට් හදන්න මාලිමාවේ වැඩ්ඩෝ නැති නිසා අපේ හිටපු හොඳ වැඩ්ඩෙක් ගත්තා” යනුවෙන් කියා සිටියේය. “හදන්න බැරි ක්‍රිකට් ඉරාන් වික්‍රමරත්න හැදුවොත් ඒ ක්‍රෙඩිට් එකත් එන්නේ සජබයට” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බල්ලන් පෙන්වා වැදුම් ලැබීමේ අවශ්‍යතාවයක් මට නෑ – සමන්තභද්‍ර හිමි කියයි
පසුගියදා මෙරට පැවැත්වූ ‘සාම පාගමන’ සහ ඒ ආශ්‍රිතව සිදුවූ ඇතැම් සිදුවීම් දැඩි විවේචනයට ලක් කරමින් පූජ්‍ය…
මින් පසු භික්ෂූන් වහන්සේට හිතුන ගමන් විදෙස් ගමන් බෑ – බුද්ධ ශාසන ඇමති කියයි
භික්ෂූන් වහන්සේ නමක් විදේශගත වන්නේ නම් එහිදී බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යය පනවා ඇති නීති…